ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක්

Friday, 26 November 2021 - 10:52

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ  (25) සමත්විය. ඒ ලකුණු 187කිනි. තරගයේ 5වන දිනය වූ අද දිනයේ ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේය. ඊයේ (24) දිනය නිමාවන විට කොදෙව්වෝ කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබාගෙන තිබුණහ. න්කෘමා බොනර් සහ ජෝෂුවා ඩ සිල්වා 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 100ක් එක්කළහ. ඒ සඳහා ඔවුන් දෙදෙනා පන්දු ඕවර 45කට පමණ මුහුණදුනි. 
අද දිනයේ මුලින්ම දැවී ගිය ජෝෂුවා ලබාගත් ලකුණු ගණන 54කි. ඔහු ඒ සඳහා පන්දු 129කට මුහුණදුන් අතර එල්ලකළ 4 පහර ගණන 5කි. ඔහුගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි රකීම් කෝන්වොල් ද පිටියේ රැඳී සිටීමට දැඩි උත්සාහයක් දැරීය. නමුත් වගකීම අමතක වී වේගවත් පහරක් එල්ල කිරීමට දැරූ ප්‍රයත්නය හේතුවෙන් ඔහු ලකුණු 13කට දැවී ගියේය. අනතුරුව අවසන් කඩුලූ දෙක ලෙස ජොමෙල් වැරිකන් සහ ෂනොන් ගේබ්‍රියල් ව ඉක්මණින් දවා ගැනීමට ලසිත් ඉඹුල්දෙනිය සමත් විය. ඔහු ලකුණු 46කට කඩුලු 5ක් දවාගත් අතර එය ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් සිව් වැනි අවස්ථාව වන අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 64කට කඩුලු 4යි. කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ බෝනර් නොදැවී ලකුණු 68යි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 386ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක කොදෙව් කණ්ඩායම ලකුණු 230ක් රැස්කළේය.  අනතුරුව සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා පන්දු ඕවර 40.5කදී කඩුලු 4ක් දැවී ලකුණු 191 රැස්කළේය. නායක දිමුත් කරුණාරත්න ලකුණු 83යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69යි.
ඒ අනුව තරගයෙන් ලකුණු 187ක ජයක් වාර්තාකරමින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1ට 0ක් ලෙස ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

23


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?